Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් එන්නත් තරඟය – ප්‍රථම එන්නත එංගලන්තයෙන් ?

කොවිඩ් එන්නත් තුනක අතුරු ප්‍රතිඵල අධ්‍යනයකින් හෙළි වේ

කොවිඩ් එන්නත් තුනක අතුරු ප්‍රතිඵල අධ්‍යනයකින් හෙළි වේ

ඇස්ට්‍රාසිනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්ව අත්හදාබැලීම් සිදුකරන කොවිඩ් -19 එන්නත මේ දිනවල බ්‍රසීලයේදී අත්හදා බැලෙයි.

නමුත් පසුගියදා එම අත්හදාබැලීම් සඳහා දායක වූ කොවිඩ් වෛරසය ආසාදිත 28 හැවිරිදි වෛද්‍යවරයෙක් මියගොස් තිබේ.

එම මරණය ගැන “සමාලෝචනය කිරීමෙන් අනතුරුව” නැවතත් අත්හදාබැලීමේ කටයුතු ඇරඹීමට බලධාරීන් ක්‍රියාකර තිබේ.

නමුත් බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් එම මරණය ගැන තොරතුරු හෙළිකර නැත. ඒ, එම පරීක්ෂණ වල රහස්‍යතාව රැකීමට බැඳී ඇති බැවිනි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය පැවසුවේ ඔවුන් ඒ පිළිබඳ ව “ප්‍රවේශමෙන් කරුණු සොයාබැලූවද” එන්නතෙහි සුරක්ෂිතතාව පිළිබඳ ව ගැටලු අනාවරණය නොවූ බවය.

විදෙස් මාධ්‍ය පවසන්නේ එම පරීක්ෂණ සඳහා ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වූ එම රෝගියාට එන්නත ලබාදී නොමැති බවය.

එහිදී ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයින්ගෙන් කොටසකට ඔක්ස්ෆර්ඩ් කොවිඩ් -19 එන්නත ලබාදී ඇති අතර අනෙක් කණ්ඩායමට මෙනින්ජයිටිස් සඳහා දෙනු ලබන අනුමත එන්නතක් ලබා දී තිබේ.

එම කණ්ඩායම්වල සාමාජිකයින් හෝ පවුල්වල සාමාජිකයින්, එක් එක් පුද්ගලයාට දුන්නේ කුමන එන්නත ද යන්න නොදනී.

එමගින් එක් එක් කණ්ඩායමට ලබාදුන් එන්නත්වල ප්‍රතිඵල සංසන්දනය කිරීමට අවස්ථාව ලැබෙන බව පරීක්ෂණ සිදුකරන විද්‍යාඥයෝ පවසති.

ඇස්ට්‍රාසිනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්ව අත්හදාබලන මෙම එන්නත වෙළෙඳපොළ ට ඉදිරිපත් විය හැකි කොවිඩ් -19 එන්නත් පළමු එන්නත වීමට ඉඩතිබේ.

එහි පළමු සහ දෙවැනි අත්හදාබැලීම් සාර්ථක වී ඇති අතර තෙවැනි අදියරේ අත්හදාබැලීමේ කටයුතු මේ දිනවල එංගලන්තය, බ්‍රසීලය සහ ඉන්දියාවේ සිදුවේ.

Exit mobile version