Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොයුරෙක් වන රියාජ් බදියුදීන් විසින් රිට් පෙත්සමක්

රිෂාඩ් බදියුදීන්ගේ සොයුරෙක් වන රියාජ් බදියුදීන්

රිට් පෙත්සමක්

සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොයුරෙක් වන රියාජ් බදියුදීන් විසින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා යළිත් අත්අඩංගුවට සූදානමක් ඇති බව කියා සිටින පෙත්සම්කකරු පෙන්වා දෙන්නේ එය දේශපාලනික වුවමාවක් මත සිදුවන බවයි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස්, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මිහිඳු අබේසිංහ ඇතුළු හත් දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ පසුගිය අප්‍රේල් මස 14 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත තමාව රඳවා ගෙන තමන්ට අයත් නිවාස, දේපොළ, ව්‍යාපාර, බැංකු ගිනුම් යනාදිය පිළිබඳව පුළුල් අයුරින් විමර්ශන සිදුකළ බවයි.

එහිදී තමාට එරෙහිව තිබූ කිසිදු අපරාධමය චෝදනාවක් තහවුරු කළ හැකි සාක්ෂි තහවුරු නොවීම හේතුවෙන් තමාව මුදාහැරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කළ බව ද සඳහන් කරයි. එසේ තිබියදි, විවිධ පාර්ශ්වයන් විසින් දේශපාලන වාසි ලබා ගැනීමට යළිත් තමාව අත්අඩංගුවට ගන්නා ලෙස සිදු කරන බලපෑම් හේතුවෙන් තමාව යළිත් අත්අඩංගුවට ගත හැකි බවට සාධාරණ බියක් මතුව ඇති බව ද පෙත්සම්කරු පෙන්වා දෙයි.

Exit mobile version