Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් හෘද සාක්ෂියට එකඟව තීරණයක් ගන්නෙමි! – විදුර වික්‍රමනායක

විදුර වික්‍රමනායක

විදුර වික්‍රමනායක

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමා හෘද සාක්ෂියට එකඟව තීරණයක් ගැනීමට යන බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා, ඊයේ දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීප්‍රකාශ කර ඇත.

ඔහු මේ පිළිබඳව තව දුරටත් පැවසුවේ,

20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නැවත 18 වන ව්‍යවස්ථා සංශෝධනය වෙත ගමන් කරන්නේ නම්, එය සිදු විය යුතු ක්‍රියාවක් නොවේ.

ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ඇතැම් කරුණු යහපත් ඒවා වන අතර ඇතැම් කරුණු අයහපත් ඒවාද වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු, දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඒ පිළිබඳව තීන්දුවක් ගනිමි. පවුලේ අයගේ සහ අනෙක් අයගේ අවශ්‍යතාවය අනුව මම තීරණ නොගනිමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තීන්දු තීරණ ගනිමි. රටේ ජනතාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඡන්දය දුන්නා මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැලැස්තර ඇලවීම සඳහා ඡන්දය ලබා දුන්නේ නැත.

දිගටම මෙවැනි ක්‍රියාවන්ට ඉඩ දිය නොහැක. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව පවසමින් අප ඡන්දය ඉල්ලා සිටි බවද විදුර වික්‍රමනායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

-තමිළ්වින්

Exit mobile version