Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයන් සංඛ්‍යාව අඩු කරයි

මෛත්‍රී-රනිල්

මෛත්‍රී-රනිල්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින ආරක්ෂකයන් සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාවට සපයා සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 100 දෙනාගෙන් 94ක්ම ඉවත් කර ඇති බවද වාර්තා වේ. ආරක්ෂාවට සපයා ඇති 100ක පමණ පොලිස් නිලධාරීන් පිරිසද ඉදිරියේදී ඉවත් කර පොලිස් නිලධාරීන් 54 දෙනකුට එම සංඛ්‍යාව සීමා කිරීමට නියමිත බවද සඳහන් වේ.

මේ අතර, රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් 200 පොලිස් නිලධාරීන් 60ක් දක්වා අඩු කර ඇති බවද සඳහන්ය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාවද අඩු කර ඇත.

එසේ ම, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ලැගුම් ගෙන සිටි නිවස්නය නැවත භාරදීම සඳහා මාස දෙකක කාලයක්ද ලබාදී තිබේ.

– මව්බිම

Exit mobile version