Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජය පීලි පැන්නොත් බලයෙන් පහකරන්න අපි පසුබට වෙන්නේ නෑ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ගෝඨාභයට මේ තත්ත්වයට පත්වුණේ උද්ධච්චකමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා -මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ගෝඨාභයට මේ තත්ත්වයට පත්වුණේ උද්ධච්චකමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා -මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පෙන්වාදෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට ගියේ නොමැතිනම් රජය නෙරපා හැරීමට පියවර ගන්නා බව භික්ෂුු හඬ සංවිධානයේ නායක හිමි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ අභයරාමය විහාරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

කිසිම තනතුරක් සහ වරප්‍රසාදයක් බලාපොරොත්තුවෙන් භික්ෂු හඬ සංවිධානය මෙම රජය බලයට ගේන්න වැඩ කරේ නැති බවත් එකම බලාපොරොත්තුව වූයේ රටටත් ජාතියටත් ප්‍රයෝජනවත් වන රජයක් පිහිටුවීම බවත් එම හිමි ප්‍රකාශ කර සිටියහ.

භික්ෂු හඬ සංවිධානය, රටටත් ජාතියටත් ගැටලු ඇති වන පරිදි පාලනය ගෙනගිය බැවින් පෙර පැවති යහපාලන රජය පන්නා දැමීමට භික්ෂූන් වහන්සේලා එක්ව ඇති කළ සංවිධානයකි.

දැනට පවතින රජය බලයට පත් කිරීමට කැපවී සිටි අයගේ උපදෙස් මත ක්‍රියා නොකරන බවක් පෙනේ. අප බලයට පත්කළ රජය අප ආරක්ෂා කළ යුතුයි. අපි පෙන්වා දෙන වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යා යුතුයි.

අපි රජය බලයට ගෙන ආවත් ආණ්ඩුවත් සමග සමීපව සිටින අය අහසට පොළොව වගේ. රජය වැරදි පාරේ යන බව අපට පෙනෙන නිසා එය නිවැරදි කිරීම අපගේ යුතුකමක්. බෞද්ධ භික්ෂූන්ගේ බලය සුළුකොට තකන්න එපා. කරපිංචා ගානට අපිව ගණන් ගන්න එපා. ආණ්ඩුව පීලී පැන්නොත් බලයෙන් නෙරපන්නත් අපි පසුබට වෙන්නෙ නෑ.

රජය බලයට ගේන්න කිසිම වැඩක් නොකළ අය දැන් රජයේ ඉදිරියෙන්ම සිටිනවා. ව්යදම් කළ අය, මහන්සි වූ අය දැන් අමතක කර ඇති බවත් මොවුන් සමග පරිස්සමින් සිටින ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ආනන්ද හිමි සඳහන් කර සිටියහ.

-තමිළ්වින්

Exit mobile version