Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගව ඝාතනය තහනම් කළොත් ගොනුන්ට මොනවද කරන්නේ? – සෙල්වම් අඩෛක්කලනාදන්

සෙල්වම් අඩෛක්කලනාදන්

සෙල්වම් අඩෛක්කලනාදන්

“රජය ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධ තීරණයට අපි එකඟ වෙනවා. නමුත් ගොනුන්ට මොනවද කරන්නේ කියා රජය දැනුම් දිය යුතුයි” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ සෙල්වම් අඩෛක්කලනාදන් මහතා පවසා සිටියේය.

ජාතිය ගොඩනැගීමේ බද්ද, ආර්ථික සේවා බද්ද සහ වරාය හා ගුවන්තොටුපල සංවර්ධන ගාස්තු සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන ඇගයීම පිළිබඳ විවාදයක් අමතන අතරතුර ඔහු මේ බව පැවසීය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

“ගව ඝාතනය තහනම් කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කර ඇති බව රජය පවසයි. පශු සම්පත සහ ගොවිතැන මත තමයි අපේ ජනතාව ප්‍රධාන වශයෙන් යැපෙන්නේ. ගවයන්ට වධ හිංසා කිරීමට අපිත් විරුද්ධයි. එහෙත් ගොනුන්ට මොනවද කරන්නේ? කියා රජය නිසි උත්තරයක් ලබා දිය යුතුයි. අපේ ගොවි ජනතාව සත්ව පාලනය විශ්වාස කරලා තමයි තම දූවරුන්ගේ දෑවැද්ද දෙන්නෙ.

තවද කිරි නිෂ්පාදනය වැඩි කරන්න රජය ගන්නා ක්‍රියා මාර්ග පැසසිය යුතුයි. ඒ වගේම ගව ඝාතනය තහනම් කිරීම මගින් ගොවියන්ට මුහුණ දීමට සිදුවන ගැටලුවලටද අවධානය යොමු කළ යුතුයි. තවද අපගේ ධීවර ජනතාවගේ අනාගතය තවදුරටත් ප්‍රශ්නාර්ථයක්ව පවතිනවා. එක පැත්තකින් ඉන්දියානු ධීවරයන්ගේ පැමිණීම, තවත් පැත්තකින් රජය තහනම් කළ ධීවර ආම්පන්න භාවිතය වැනි බොහෝ දේ සිදු වන්නේද අපේ ප්‍රදේශවල තමයි.

මේ රජය පමණක් නෙවෙයි. පසුගිය රජයේද ධීවර ජනතාවට ඇති ප්‍රශ්න විසදීමට අවධානය යොමු කරේ නැහැ. බාධා නොමැතිව රස්සාව කරගෙන යෑමට වාතාවරණයක් ඇති කරේ නැහැ. එබැවින් රජය තීරණයන් ගැනීමේදී තම ප්‍රදේශයේ ජනතා අවශ්‍යතා පිළිබඳවද අවධානය යොමු කර කරුණාව දැක්විය යුතුයි. යනුවෙන් ඔහු පවසා සිටියේය.

-වීරකේසරි

Exit mobile version