Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝකෙන් 10 න් එකකට කොරෝනා

කොරෝනා

කොරෝනා

මේ වනවිට දළ වශයෙන් ලොවපුරා පුද්ගලයන් 10 දෙනකුගෙන් ඒක් ‌අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි උපකල්පනය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔවුන් පවසන්නේ ගෝලීය ජනගහනයෙන් 10%කට පමණ වයිරසය ආසාදනය වී ඇති බවයි.

ලෝකයේ අතිමහත් බහුතරයක් අවදානමට ලක්වී ඇති බවත් ගිනිකොන දිග ආසියාවේ සමහර ප්‍රදේශ වල සහ නැගෙනහිර මධ්‍යධරණී කළාපයේ සමහර ප්‍රදේශවල රෝගීන් හා මරණ වැඩිවෙමින් පවතින බවද ඔවුහු පෙන්වා දෙති.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහලම විශේෂඥයෙකු වන මයික් රයන් විධායක මණ්ඩලය අමතමින්, ඇමරිකාව සහ චීනය වසංගත ව්‍යාප්තියේ නිවැරදි තොරතුරු ලබා දීමට අසමත් වූ බව පැවසීය. “අපි දැන් දුෂ්කර කාලයකට ගමන් කරමින් සිටිමු. රෝගය දිගටම පැතිරෙමින් පවතී.” යනුවෙන් රයන් පැවසීය.

Exit mobile version