Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිලීපන් සම්බන්ධයෙන් සිදුවූයේ අසාධාරණයක් – පාර්ලිමේන්තුවේ අනුර කුමාර අනතුරු අඟවයි

ජනතාව නිවැරදි තීන්දුවක් ගනියි කියා විශ්වාසයක ඉන්නවා - ජනතා විමුක්ති පෙරමුණේ නායක

ජනතාව නිවැරදි තීන්දුවක් ගනියි කියා විශ්වාසයක ඉන්නවා - ජනතා විමුක්ති පෙරමුණේ නායක

සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා දිලීපන් අනුස්මරණ සැමරුම් සඳහා ඉඩ දිය යුතුයි, යන කාරණා ඇතුලත් කර පක්ෂ නායකයා ලෙස ඉදිරිපත් කර ඇති ස්ථාවර නියෝග 27/2 යටතේ විශේෂ හිමිකම් පෑමකට, එහි තුන්වන ඡේදයේ ඇතැම් වැකි අධිකරණ නඩුවලට සම්බන්ධ බැවින් ස්ථාවර නියෝග 36(එෆ්) ප්‍රකාරව සහ සමාජ, හදිසි හෝ වැදගත්කම පිළිබඳ එක් ප්‍රශ්නයක් පමණක් එක් දිනයකදී ඉදිරිපත් කළ හැකි බැවින්ද ඉඩ නොදිය හැකි බව කථානායකවරයා තරයේ ප්‍රකාශ කර සිටියේය.

වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කථානායකවරයාගේ ප්‍රකාශයට එකඟ විය නොහැකි බව පවසා සිටියේය.

ඔහු තවදුරටත්,

“අපි දිගු කලක සිට මන්ත්‍රීවරුන් ලෙස සේවය කරනවා. පක්ෂ නායකයෙකුට විශේෂ ප්‍රශ්න මතු කිරීමේ අවස්ථාව බොහෝ කලක සිට ප්‍රායෝගිකව පැවත එන දෙයක්. එය ස්ථාවර නියෝග යටතේ පක්ෂ නායකයින්ට ලබා දීලා තියෙනවා. අපිට තියෙන මේ අයිතිය කිසිදු සාකච්ඡාවකින් තොරව අඩුම තරමේ පක්ෂනායකයින් සමග සාකච්ඡා නොකට අත්තනෝමතික ලෙස තීරණය කර තිබීම අපි තරයේ හෙළා දකිනවා.

ආණ්ඩු පක්ෂය දකුණු පසින්ද විපක්ෂය වම්පසින්ද වාඩිවී සිටිනවා. කථානායක පුටුව හරි මැදින් තියෙන්නේ. නමුත් ඔබතුමා නිතරම වාඩිවෙන්නේ දකුණට බර වෙලා. දැනුත් එහෙමයි. ඔබ මේ සංස්කෘතිය නවත්වන්න. පක්ෂ නායකයෙකුගේ අයිතිවාසිකම උදුරන්න එපා. නවවන පාර්ලිමේන්තුව කැඳවා සැසිවාර තුනක් අවසන්. මේ වනතෙක් මා 27/2 යටතේ කිසිදු ප්‍රශ්නයක් මතු කරලා නැහැ” යනුවෙන් ප්‍රකාශ කර සිටියේ.

එමෙන්ම කථානායකවරයා පක්ෂග්‍රාහීව සභාව නොමග යවන බව ගජේන්ද්‍ර කුමාර් පෙන්වා දුන් අතර පක්ෂ නායකයා වීමේ වරප්‍රසාදය අනුව මැදිහත් වන ඩග්ලස් දේවානන්ද හට කිසිදු තහංචියක් නොදමන බවද පෙන්වා දුන්නේය. තවද කථානායකවරයා පැහැදිලිවම රජය මත යැපෙන බව බොහෝ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්හ.

-තමිළ්වින්

Exit mobile version