Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උතුරේ සිට පලවා හරින ලද සිංහල, මුස්ලිම් පවුල් නැවත පදිංචි කළ යුතුයි – සරත් වීරසේකර

අපිත් සිංහල බෞද්ධ හරිය

අපිත් සිංහල බෞද්ධ හරිය

යුද සමයේ එල්ටීටීඊය විසින් සිංහල පවුල් විසිපන්දහසක් ද මුස්ලිම් පවුල් පහළොස්දහසක් ද උතුරේ සිට පලවා හරිනු ලැබූහ. ඔවුන් නැවත උතුරේ පදිංචි කර ඔවුන්ට ඡන්ද අයිතිය ලබා දිය යුතු බව පළාත් සභා සහ පලාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර සිටියේය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

“උතුරින් එලෙස පලවා හරිනු ලැබූ පවුල් දැනට සිටින්නේ කොහේද? ඔවුන්ට ඡන්ද අයිතිය තියෙනවද? මැතිවරණ කොමිසම මේ පිළිබඳව සොයා බැලිය යුතුයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් රටේ සත්‍ය තත්වයන් හංගනු ලබනවා. ස්වාධීන කොමිසම් කියාගෙන රට විනාශ කරලා ඉවරයි. පහුගිය පාලනයේ ව්‍යවස්ථා සභාවේ සිටි අය රනිල් වික්‍රමසිංහගේ අය විධියට ක්‍රියා කළා. එවකට විරුද්ධ පක්ෂ නායකයා ලෙස හිටියේ සම්බන්දන්. ඔහු කොහොම කෙනෙක්ද කියලා කිව්වොත් ඔහු එල්ටීටීඊ යේ නායකයා. මේ දෙන්නා තමයි මැතිවරණ කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කළේ. එයින් එක්කෙනෙක් තමයි රත්නජීවන් හූල්.

සුදුසුකම් නොමැති එක්කෙනෙක්ව ඔවුන් පත් කළා. යහපාලන රජයේ සිදුවෙච්ච දූෂණවලට නඩු නොදැමූ රත්නජීවන් හූල් 2018 දී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ විට පළමු නඩුව දැම්මා. ඒකෙන් පේනවා මේ අයගේ ප්‍රතිපත්ති මොනවාද කියා” යැයි පැවසූ සරත් වීරසේකර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සිටින පක්ෂපාතී එන්.ජී.ඕ. ( NGO )පුද්ලයින්ව ඉවත් කිරීම සඳහා 20 වන සංශෝධනය අවශ්‍ය බව පවසා සිටියේය.

-වීරකේසරි

Exit mobile version