Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) වර්තමාන අනගාරික තුමා ගෝඨාභයයි, ධර්මපාල තුමාගේ පුනරුත්පත්තිය විය හැකියි – බානගල හිමි

බානගල උපතිස්ස හිමි

බානගල උපතිස්ස හිමි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යනු අනගාරික ධර්මපාල තුමන්ගේ පුනරුත්පත්තියක්දැයි සැකයක් තමන්ට පවතින බව ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස හිමි පවසයි.

“අපේ ජනාධිපතිතුමාත් එක්ක අපට හොඳ ගමනක් දම්පල් මග ඉදිරියට යන්න පුළුවන්. ඒ බව මට තේරුණේ එදා ජනාධිපති හැටියට ඔබතුමා දිවුරුම් දෙන දවසේ කියපු කතා, ලියපු දේවල් හැම දෙයක්ම ධර්මපාල තුමාගේ දිනපොතේ තියෙන ඒවා.

ධර්මපාල තුමා කිව්වා මම කීපසැරයක්ම මැරි මැරී ඉපදෙනවා, rebirth, පුනරුත්පත්තිය වෙනවා මේ බුදු දහම ගෙනියන්න කියලා. මට සැකයක් හිතුණා ධර්මපාල තුමා කිව්ව පුනරුත්පත්තිය විශ්වාස කරනවා නම් වර්තමාන අනගාරික කියලා. මොකද මස් මාළු කන්නෙත් නෑනෙ” යනුවෙනුයි එහිමි දේශනා කළේ.

බානගල උපතිස්ස හිමි මේ බව පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ මාසයේ 17 වන දින පැවති අනගාරික ධර්මපාල තුමාගේ 156 වැනි ජන්ම දින සමරු උත්සව සභාව අමතමිනි.

Exit mobile version