Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආනවිළුන්දාවේ යළි කඩොලාන සිටුවති…

ආනවිළුන්දාවේ යළි කඩොලාන සිටුවති

ආනවිළුන්දාවේ යළි කඩොලාන සිටුවති

පරිසර සංවිධාන, වනජීවි නිලධාරින් හා කොළඹ පුද්ගලික විද්‍යායතනයක කළමණාරණ හා විද්‍යා පිඨ සිසුන් පිරිසක් එක්වී ඊයේ (19) ආනවිළුන්දාව රැම්සා අභය භුමිය තුළ කඩොලාන සිටුවිම ආරම්භ කර තිබේ.

අදාළ කඩොලාන සිටුවීම පසුගිය දිනක ඉස්සන් ටැංකි සැකසීමට ඩෝසර් කළ භුමියට ආසන්නයේ සිදුකිරීම විශේෂිත්වයකි.

මෙම අවස්ථාවට වයඹ පරිසර හඩ සංවිධානය, අනවිළුන්දන් පත්තු පරිසර සංවිධානය, දැදුරු ඔය සුරකිමේ පරිසර සංවිධානය, ආනවිළුන්දාව වනජිවි කාර්යාලය සමග කොළඹ කොල්ලුපිටියේ පිහිටි එම්.එස්.අයි විද්‍යායතනයේ කළමණාකරන හා විද්‍යා පිඨයේ සිසුන් පිරිසක් එක්වි තිබිණි.

මෙහිදි අදහස් දැක්වු වයඹ පරිසර හඩ සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසා සිටියේ ඉදිරියේදි සියලු ආයතන එක්වී ආනවිළුන්දාවේ කඩොලාන පැළ 25,000ක් සිටුවිමේ වැඩසටහනේ පළමු පියවර ලෙස මෙය ආරම්භ කළ බවයි.

Exit mobile version