Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ – මංගල පොලිසියටත් කියයි…

මංගල සමරවීර

මංගල සමරවීර

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පසුගිය දා සිදුකළ ප්‍රකාශය අද යළි තහවුරු කලා. පසුගිය ආණ්ඩුව සමයේ ඔහු මාධ්‍ය වෙත එම ප්‍රකාශය සිදු කළ අතර ඒ පිළිබඳව සමාජය තුළ මතු වූයේ දැඩි විරෝධයක්.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට එවකට අමාත්‍ය ධූරයක් දරමින් සිදුකළ ප්‍රකාශය පිළිබඳ විමසීම සඳහා අද ඔහු මාතර පොලිස් අධිකාරී කාර්යාලයට කැඳවා තිබුණා.
එම ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා මාධ්‍ය වෙත කියා සිටියේ තමන් සිදුකළ ප්‍රකාශයේ සත්‍යතාවය පිළිබඳ පොලිස් නිලධාරීන්ට පැහැදිලි කර දුන් බවයි.

Exit mobile version