විශ්වවිද්‍යාල පිහිටුවීමට මුදල් ආ හැටි සහ ඒ සඳහා ඉඩම් මිලදීගත් අයුරු, විශ්වවිද්‍යාලයේ අන්තවාදී කටයුතු සිදුකරන්නේදැයි යනාදිය පිළිබඳව ප්‍රශ්න නැගූ මාධ්‍යවේදීන්ට පිළිතුරු දුන් හිටපු ආණ්ඩුකාර හිස්බුුල්ලා ඒ සියල්ලම අසත්‍යයන් බව ප්‍රකාශ කර සිටියේය.
පසුගිය වර්ෂයේ අප්‍රේල් 21වන දින සිදුවූ ප්‍රහාරයෙන් පසු කිහිප දෙනෙකු ගුවන් තොටුපොළට රැගෙන ගොස් ඇරලූ පුවත පිළිබඳව විමසූ විට “මම ආණ්ඩුකාරවරයා ලෙස සිටි කාලයේ නැගෙනහිර පළාතේ නිවාස යෝජනා ක්‍රමයකට උදව් කිරීමට පැමිණි සිටි පිරිසක් තමයි ඒ, ඔවුන්ටත් ත්‍රස්තවාදී ප්රහාරයටත් කිසිම සම්බන්ධයක් නැහැ” යනුවෙන් පවසා සිටියේය.
ඔබ ත්‍රස්තවාදී සහ්රාන් සමග සම්බන්ධතා පවත්වාගෙන ගියේ නැද්ද? ලෙස මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට “මට ඔහුව මුණගැසී තියෙන්නේ එක වරක් පමණි. මම විතරක් නෙමෙයි බොහෝ දේශපාලකයින් ඔහුව මුණගැහිලා තියෙනවා” යනුවෙන් පිළිතුරු දුන්නේය.
එසේනම් කාත්තාණ්කුඩිවල රට ඉඳි ගස් හිටවුවේ ඇයි දැයි ප්‍රශ්න කළ විට පිළිතුරු “මෙහි තියෙන කාලගුණයට රට ඉදි ගස් තමයි වවන්න පුළුවන්, රඹුටන් ගස් වවන්න පුළුවන්දැයි ප්‍රශ්න කළේය. තවද ත්‍රස්දවාදය හා සම්බන්ධ සෑම කෙනෙකුටම දඩුවම් කළ යුතුය” යනුවෙන් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා අවධාරණය කර සිටියේය.
-තමිළ්වින්