Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) කොටීන් ආයුධ අතට ගැනීමට හේතුව ලංකාවේ පාලකයින් තමයි – විග්නේශ්වරන් යළි ජාතිවාදය අවුලවයි

තමා ඉල්ලන්නේ ෆෙඩරල්; බලය බෙදීමට ඉන්දියාව එකඟයි - විග්නේශ්වරන් පවසයි

තමා ඉල්ලන්නේ ෆෙඩරල්; බලය බෙදීමට ඉන්දියාව එකඟයි - විග්නේශ්වරන් පවසයි

එල්ටීටීඊය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පිළිගත නොහැකි බවත් ඔවුන්ගේ ප්‍රජාවට අයුක්තියක් සිදු කර ඇති නිසා සන්නද්ධව සටන් කිරීමට එය ඔවුන්ව පොළඹවා ඇති බවටත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහතා සිංහල මාධ්‍යයකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේය.

තවද, අවසන් සටනේදී මුල්ලිවායිකාල්හිදී මියගිය ලක්ෂයකට අධික පිරිස ත්‍රස්තවාදීන් නොවන බවත්, ඔවුන් සියලු දෙනා අහිංසක දෙමළ ජනතාව බවත්ය.

එලෙසම පොදු ජනතාව මරා දැමීමේ අවශ්‍යතාවයක් ප්‍රභාකරන්ට නොමැති බවත් ඔවුන්ව මරා දැමුවේ ලංකාවේ හමුදාව බවත් පවසා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු,

“ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් දෙමළ ජනතාවගේ නිජබිම බවට ඔප්පු කිරීමට සාක්ෂි තියෙනවා, එල්ටීටීඊය ත්‍රස්තවාදීන් නොවෙයි, ඔවුන් ආයුධ අතට ගැනීමට වගකිව යුත්තේ ලංකාවේ පාලකයින්, ඒ සඳහා එල්ටීටීඊයට දොස් පැවරීමෙන් කිසිදු තේරුමක් නැහැ.”

එමෙන්ම , රජය සිය වැරදි වසන් කරන අතර එය ප්‍රශ්න කරන අය ජාත්‍යන්තරයට අන්තවාදීන් ලෙස නිරූපණය කරමින් සිටින බව ඔහු පැවසීය.
යුක්තිය උදෙසා සටන් කරන දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට යුතුකමක් ඇති බවත් ඒ නිසා ඔහු මුල්ලිවායිකාල් වෙත ගොස් දිවුරුම් දුන් බවත් සම්මුඛ සාකච්ඡාවේදී ඔහු පෙන්වා දුන්නේය.

Exit mobile version