Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙරට අවුරුදු 19-25 තරුණයින් අතර HIV ඉහළ යයි !

මෙරට අවුරුදු 19-25 තරුණයින් අතර HIV ඉහළ යයි

මෙරට අවුරුදු 19-25 තරුණයින් අතර HIV ඉහළ යයි

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19 – 25 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි දරුවන් අතර HIV ආසාදනය වීම වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටනේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසනවා.
මීට අමතරව තවත් විශේෂ කරුණක් කෙරෙහි සමාජයේම අවධානය යොමුවිය යුතු බවද වෛද්‍යවරිය පැවසුවාය. එනම් විද්‍යාත්මක ප්‍රක්ෂේපණ අනුව 2020 වසර වන විට  මෙරට තුල HIV ආසාදිතයින් 3600 (තුන්දහස් හයසියයක්) ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටනේ සායන වල ලියාපදිංචි වී ප්‍රතිකාර ලබා ගත යුතු වුවත් දැනට ලියාපදිංචි වී සිටින්නේ  පුද්ගලයින් (2000) දෙදහසක් පමණක් බව ඇය අනාවරණය කලා.

ඉතිරි පුද්ගලයින් එක්දහස් හයසියයක (1600 ) ක ප්‍රමාණයක් තමන් ආසාදිතයෙකු බව නොදැනම සමාජයේ අන් අය සමග මුහුවෙමින් සිටිය හැකි බවත් ඔවුන් නිසා නීරෝගී පුද්ගලයින්ද ආසාදනය විය හැකි බවත් ඇය පෙන්වා දුන්නා.

Exit mobile version