Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුසායානු ජනාධිපති පුටීන්ගේ ප්‍රබල විරෝධියෙකුට වස දීලා..

Alexei Navalny - ඇලෙක්සි නවල්නි - ව්ලැඩිමීර් පුටීන්

Alexei Navalny - ඇලෙක්සි නවල්නි - ව්ලැඩිමීර් පුටීන්

රුසියානු විපක්ෂ දේශපාලනයේ ප්‍රබල චරිතයක් ලෙස සැළකෙන, එරට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වරයාද වන ඇලෙක්සි නවල්නි හට විෂ ශරීරගත කර ඇතියි වාර්තා වේ.

දූෂණ විරෝධී ක්‍රියාධරයකු ලෙස සැළකෙන ඔහු ගුවන්ගමනක් යෙදෙන අතරතුර යම් අසනීප තත්වයක් ඇති වී තිබේ. ඒ හේතුවෙන් ඔහු ගමන් කරමින් සිටි ගුවන්යානය ඕමිස්ක් ගුවන්තොටුපලට ගොඩබස්සවා රෝහල් ගතර ඇත. ඔහු මේ වනවිට සයිබීරියාවේ රෝහලක් වෙත ඇතුළත් කර තිබේ.

ඔහු මේ වනවිට සිහිසුන් තත්වයේ පසුවන බවත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ ප්‍රකාශිකාව පවසා ඇත්තේ ඇලෙක්සි නවල්නි හි තේ කෝප්පයට වස කලවම්කර ඇති බවට සැක පහල කරන බවයි.

මේ අතර ඔහු රුසියානු ජනපති පුටින්ගේ පාලනයට එරෙහිව දැඩිලෙස ක්‍රියාකල අයෙකු ලෙසින් ප්‍රසිද්ධව සිටීම පිළිබඳව ද ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

Exit mobile version