Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video : හෙළිදරව්වක්) අපිව අඳුරේ දැම්මේ විදුලි මාෆියාවද? ඩලස් ඇමතිතුමාවත් ඇන්දුවද ?

විදුලි මාෆියාව

විදුලි මාෆියාව

“අපේ රටේ තෙල් මාෆියාවක් තියෙනවා, ඖෂධ මාෆියාවක් තියෙනවා, අවිආයුධ මාෆියාවක් තියෙනවා, විදුලි මාෆියාවක් තියෙනවා.” – සුනිල් හදුන්නෙත්ති

පසුගිය දිනක දේශපාලන වැඩසටහනකට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සුනිල් හදුන්නෙත්ති මහතා, ලංකාවේ විදුලි මාෆියාවක් පිළිබඳව හෙළිදරව්වක් කර තිබුනි.

ඔහු ඒ පිළිබඳව පලකර අදහස් කීපයක් පහත දැක්වේ.

“විදුලි ජනන සැලැස්ම කියලා එකක් තියෙනවා ලංකාවේ. ඒක දාලා තියෙනවා කුණු කූඩෙට. මහජන උපයෝගිතා කොමිෂමයි විදුලි බල මණ්ඩලයයි ඇයි මරා ගත්තේ පහුගිය කාලේ?
මහජන උපයෝගිතා කොමිෂම අනුමත කරන්නේ නැතුව විදුලිය ලබා ගැනීම කරන්නට බැහැ. හැබැයි මේ වෙලාවේ කරන්න පුළුවන්. හදිසි තත්වය කියන වචනෙ දාලා. හදිසි තත්වය හදන්නේ කවිද කියලා හොයන්නකො. ඩලස් ඇමතිතුමාට පුළුවන් නම් හොයන්න මේ හදිසි තත්වය හදන්නේ කවිද කියලා. අන්න එතකොට අල්ලගන්න පුළුවන් වැඩේ”.

“ඕක තමයි මාෆියාව. අපේ රටේ තෙල් මාෆියාවක් තියෙනවා, ඖෂධ මාෆියාවක් තියෙනවා, අවිආයුධ මාෆියාවක් තියෙනවා, විදුලි මාෆියාවක් තියෙනවා.
මෙවා අපි කියනකොට අර අපිට ජන්දෙ නොදෙන ජනතාව කියනවා ආණ්ඩුවට බනින්න එපා කියලා”.

“දෙයියනේ අපි මේ ආණ්ඩුවට බනිනවා නෙමෙයි. අපිට තේරෙන, අපගේ මේ ගොන් මොළයට තේරෙන ඇත්ත කියනවා”.

සම්පුර්ණ කතාව පහලින් නරඹන්න.!

Exit mobile version