Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජන්දයේ තුන්වැනි තැන ‘ප්‍රතික්ෂේප’ වෙයි..

වියදම් වාර්තා ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

වියදම් වාර්තා ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

ඓතිහාසික වාර්තාවක්..! භාවිතා කළ ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 744,373ක් ප්‍රතික්ෂේපිතයි.

මෙවර මහ මැතිවරණය සදහා භාවිතා කළ ඡන්ද ප්‍රමාණයෙන්, ඡන්ද 744,373ක්, ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ. ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 6.03% ක ප්‍රතිශතයකි.

මෙම සංඛ්‍යාව මහ මැතිවරණයේ ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය හැරෙන්නට වැඩිම ඡන්ද ප්‍රමාණය ලෙස ද සැලකිය හැකිය.

පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද 135,452 ක් ප්‍රතික්ෂේප වී තිබූ අතර එය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 0.85% ක ප්‍රතිශතයකි.

2015 මහ මැතිවරණයේදී ඡන්ද 517,123 ක් ප්‍රතික්ෂේප වූ අතර එය සමස්ත ප්‍රකාශිත ඡන්දවලින් 4.63% ක ප්‍රතිශතයකි.

මෙතරම් ප්‍රතිශතයක් ප්‍රතික්ෂේපිත ඡන්ද බවට පත් වූ පළමු අවස්ථාව මෙය බව පැවසේ.

-newsradio-

Exit mobile version