Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රිෂාඩ් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැතැයි පවසන පෙර වාර්තාව දැන් පිළිගන්න බෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

රිෂාඩ් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ

රිෂාඩ් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධව සිදු කළ විමර්ශනවලදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සැකකරුවකු ලෙස සැක කල නොහැකියි යනුවෙන් නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා 2019 ජුනි මස 20 වන දින පාර්ලිමේන්තු ලේකම් වෙත යවන ලද ලිපිය, එවකට සිදුකල විමර්ශනයට අනුව ඉදිරිපත් කල බවත් එය දැන් පිළිගත නොහැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න පවසා ඇත.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළුව තිදෙනෙක් සම්බන්ධව මහජනයාගේ පැමිණිලි වෙතොත් ඒවා විමර්ශනය කිරීම සඳහා එවකට පොලිස්පතිතුමා විසින් පත්කළ විශේෂ කොමිසම් වාර්තාවෙහි ප්‍රගතිය සම්බන්ධව විමර්ශනය කල විට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා විසින් නියෝජ්‍ය පොලිස්පතිතුමාහට මෙම ප්‍රගති වාර්තාව සපයන ලදී.

මෙම වාර්තාවෙහි රිෂාඩ් බදියුදීන් පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැකකරුවකු නොවේ යනුවෙන්ද ඔහු අවශ්‍යකරන සැකකරුවකු ලෙස විමර්ශනවලදී හෙලිනොවූ බවද නියෝජ්‍ය පොලිස්පතිතුමා විසින් පාර්ලිමේන්තු ලේකම් වෙත දන්වා ඇත.
නමුත් අනාගතයේදී වැරදිකරුවකු ලෙස ඔහු සලකනු නොලබන බව එහි කිසිම තැනක සඳහන් වී නැති බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, රිෂාඩ් අයතා ලෙස උපයාගත් බව පවසන මුදල් පාස්කු ඉරුදින ප්‍රහාරය සිදු කල සහ්රාන් ඇතුළු ත්‍රස්තවාදීන්හට ලැබී ඇති බවට සාක්ෂි ලැබී ඇති බවත් සැකකරුවන් තවත් බොහෝ දෙනෙක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පැවසීය.
-meelparvai

Exit mobile version