Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වෛද්‍යවරයෙක් මිය ගියේය….

Dr. Muhammad al-Mashaali

Dr. Muhammad al-Mashaali

ලෝකයේ බොහෝ වෛද්‍යවරු මිය ගොස් ඇත. එසේනමි වෛද්‍යවරයෙක් මිය ගිය බවට අමුතු සටහනක් ඇයි. වෛද්‍යවරු සියල්ලෝම හොද මිනිසුන් නොවෙති. බොහෝ වෛද්‍යවරු සිය පදවියේ නාමයෙන් මිනිසුන් පතුලටම සුරාගෙන කති.අප ලියන්නේ එසේ සිය ඡනතාව සුරාගෙන නොකා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිය රැකියාව කල ඊඡිප්තුවෙි Dr. Muhammad al-Mashaali ගැනය.හොද මිනිසෙකු ගැන ලියන්න සැතපුමි දහස්ගණනක් දුර සිටියද ඔහු නාදුනන වුවද ඒවා අපට වැදගමිමකට නැති සාධකය..ඩොක්ටර් මුහමද් අල් මෂාලි 2020 ඡුලි 27 මිය ගියේය.
ඔහු මිය යාමට කාලයකට පෙර එක් මාධ්‍යෙවිදියෙක් මෙසේ අසා තිබුනේය

‘‘ ඊඡිප්තුවෙි ඔනෑම වෛද්‍යවරයෙක් සිය රෝගියාගෙන් ඊඡිප්තු පවුමි 40 ක් අයකරන විට ඔබ පමණක් පවුමි 10 ක් අයකරන්නේ ඇයි ?‘‘
‘‘ වෛද්‍ය විද්‍යාලයේ එක් මහාචාර්යවරයෙක් අපට මෙසේ පැවසුවෙිය .‘‘ වෛද්‍ය විද්‍යාව කියන්නෙ මානුෂික වෘතියක් මිස වානිඡ වෘත්තියක් නොවෙි. ඔබ අලංකාර නිවසක් තනාගැනීමට, සුඛෝපභෝගී මෝටර් රථයක් ගැනීමට, වෛද්‍ය විද්‍යාව හදාරන්න එපා ඒකට කොටස් වෙළදපොල හෝ ඡාත්‍යන්තර වෙළදාම හදාරන්න ‘‘
‘‘ වෛද්‍ය මෂාලි ඔබ දුප්පතුන්ට අවුරුදු 50 ක් තිස්සේ නොමිලේ ඔබෙි සේවාවත් ඖෂධත් ලබා දෙනවා . එයට යමි හේතුවක් තියෙනවද ? ‘‘
‘‘ ඔවු නිශ්චිතවම හේතුවක් තියෙනවා , දවසක් තම අසනීපයට බොහෙත් ගන්න ඇයගේ පුතාත් සමග මා ළගට පැමිනි මවක් බෙහෙත් අරන් ඉවර වූ පසු ඇගේ පුතා කීවා අමිමෙි මට වෙිදනයි ඉන්සියුලින් එකකුත් ගමු කියල. එවිට ඒ අමිම කිවිව පුතේ ටිකක් වෙිදනාව ඉවසගන්න දැන් ඉන්සියුලින් ගත්තොත් ඔයාටයි නංගිල මල්ලිටයි කන්න මොනව හරි ගන්න සල්ලි මදිවෙනව කියල. පස්සේ ඒ අය ගෙදර ගිහිල්ල ටික වෙිලාවකට පස්සෙ මට ඒ ගෙදරින් කැදවීමක් ආවා ඒ පිරිමි දරුවා වහ බීල කියල.මම ඒ ගෙදරට ඉක්මනට ගියා නමුත් මට ඒ දරුවාව බෙිරගන්න පුලුවන් කමක් තිබිනේ නෑ ඔහු මගේ දෑත් මතම මිය ගියා. පස්සෙ ඇගේ අමිම මට ඔහු වස බීමට ප්‍රථමයෙන් යමක් සටහන් කල එක්සයිස් පොතක් දුන්නා ඒකෙ ඒ මිය ගිය දරුවා මෙහෙම ලියල තිබුණ.
‘‘ අමිමෙි මීට පස්සෙ මම ඉන්සියුලින් ඉල්ලලා කරදර කරන්නේ නෑ. ඒ සල්ලි වලින් මල්ලිටයි නංගිටයි හොදට කන්න දෙන්න ‘‘
මම හිතන්නෙ ඔබට දැන් වැටහෙන්න ඔන මම ඇයි දුප්පත් අයට නොමිලේ ප්‍රතිකාර කරන්නෙ කියල ‘‘ ඒක තමයි මගේ හෘදසාක්ෂිය ‘‘ ඒ මිය යාමට මමත් වැරදි කරුවෙක්
‘‘ ස්තුතියි වෛද්‍යතුමනි ! මුලු ඊඡිප්තුවම දන්නවා ඔබ දුප්පතුන්ට හා ඔබෙන් ප්‍රතිකාර ගැනීමට එන ඔනෑම අයෙකුට කරන මහගු සේවය. ඒ නිසා ඊඡිප්තුවෙි ඡනප්‍රිය රූපවාහිනී නාලිකාවක් ඔබට පවුමි මිලියන ගණනක මුදලක් පරිත්‍යාග කිරීමට සැරසුන වෙලාවෙි ඔබ එය ප්‍රතික්ෂේප කලා ! ඇයි ඒ ?
‘‘ එකක් මට මුදල් අවශ්‍ය නෑ. මගේ බිරිද ධනවත් කාන්තාවක් සහ මට මීටර් ගනන් දිග මෝටර් රථයක් හෝ කිලෝ ගණන් බර ඡේත්තුකාර ඇදුමි ඔන නෑ. මට ඡිවත් වෙලා ඉනන් යාන්තමට සැන්විචස් පෙත්තක් ප්‍රමාණවත් . අනික මුදල් පරිත්‍යාග කරන්න ඔන මට නොවෙයි බෙහෙත් පෙත්තක් ගන්න සල්ලි නැති මෙි රටෙි අසරණ ඡනතාවට, ඉන්න හෙවනක් නැති දරුවන්ට, මම එයාලට කිවිව එහෙම කරන්න කියල ‘‘
එවැනි මිනිසෙක් 2020 ඡුලි 27 වැනිදා ඊඡිප්තුවෙි Tanta නගරයේ අවුරුදු 72 ක් ආයු වළදා මිය ගියේය.

*උපුටාගැනීම #උපාලි_ජයසිංහගෙන්
https://www.eg24.news/2020/07/the-last-will-of-the-overriding-physician-before-his-death-my-soul-dies-and-i-am-exposed-to-the-sick.html

Exit mobile version