Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීම හා වීරවංසට, ගම්මන්පිලට හූව !! (Full Video Details)

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීම

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීම

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට එරෙහිව වරාය සේවකයින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය වැඩවර්ජනයක්දක්වා ඉදිරියට ගෙන තිබේ. පෙරේදා (31) පස්වරුව සිට කොළඹ වරායේ පර්යන්ත තුනෙහිම කටයුතු නතර ඇත.

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් අපේක්ෂාවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹුණු බව වෘතීය සමිති නියෝජිතයෝ පවසති.

31 වන දිනය එහි ගිය විමල් වීරවංස මහතාට සහ උදය ගම්මන්පිල මහතාට වරාය සේවකයින් විසින් විරෝධය දක්වා තිබේ.සේවකයෝ හූ කියමින් විවිද දේ කියමින් කෑ කෝගසා තිබේ.

නමුත් ඔවුන් දෙදෙනා සේවකයින් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී අමාත්‍ය විමල් වීරවංස සහ හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසා ඇත්තේ අගෝස්තු 06න් පසු එනම් මහ මැතිවරණයෙන් පසු දිනක ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදීමට හැකි බවත් එතෙක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නතර කරන ලෙසත් ය.

එහෙත් එයට කිසිඳු එකඟතාවයක් නොදැක්වූ වෘත්තීය සමිති නායකයින් පවසා ඇත්තේ එළඹෙන 05 වෙනිදාට පෙර නැගෙනහිර ජැටිය ඉන්දියාවට පවරා නොදෙන බවටත් වරාය අධිකාරිය යටතේම මෙහෙයුම් ආරම්භ කරණ බවටත් ලිඛිතව ලබාදිය යුතු බවයි.

Exit mobile version