Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තුව තුළ නිදාගන්නා මන්ත්‍රීවරුන් වැඩියෙන්ම ඉන්නේ ලංකාවේ – සුනිල් හඳුන්නෙත්ති

පාර්ලිමේන්තුව තුළ නිදාගන්නා මන්ත්‍රීවරුන් වැඩියෙන්ම ඉන්නේ ලංකාවේ - සුනිල් හඳුන්නෙත්ති

පාර්ලිමේන්තුව තුළ නිදාගන්නා මන්ත්‍රීවරුන් වැඩියෙන්ම ඉන්නේ ලංකාවේ - සුනිල් හඳුන්නෙත්ති

පාර්ලිමේන්තුව තුළ වැඩි වේලාවක් නිදා ගන්නා අය සිටින සභාව ලාංකීය පාර්ලිමේන්තුව බව ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මාතර පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකදී පැවසීය.

පාර්ලිමේන්තු සභාවාරයන් දෙස බැලූවිට මෙය හොඳින් දැක ගත හැකි බව ඔහු තවදුරටත් පැවසීය. පාර්ලිමේන්තු සභාවාරයන් අතරතුරදී නිදාගන්නා මන්ත්‍රීවරුන් අතරේ නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් අමරතුංග, එස්.බී.දිසානායක, රනිල් වික්‍රමසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේගුණවර්ධන වැනි අයගේ ඡායාරූප මාධ්‍ය විසින් විටින් විට ප්‍රචාරය කර ඇත.

තවද ලොව සිටින සොරුන් සියල්ලන්ම සිටින්නේ පාර්ලිමෙන්තුවේ බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාද මීට පෙර අවස්ථාවක පවසා සිටියේය.

-තමිළ්වින්

Exit mobile version