Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැලේසියාවේ හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්, අල්ලස් වැරදිකරුවෙක් වූ පළමු රාජ්‍ය නායකයා

මැලේසියාවේ හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්

මැලේසියාවේ හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්

මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක්

මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක් එල්ලවූ දූෂණ චෝදනාවලට වැරදිකරු වී තිබෙනවා. ඒ අනුව ඔහුට වසර 12ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

හිටපු අගමැතිවරයාට එරෙහිව පැවති නඩු විභාගය එරට දුෂණ විරෝධී වැඩසටහන පරීක්ෂාවට ලක් කරන්නක් වැනි විය.

“වන් මැලේසියා ඩිවෙලොප්මන්ට් බර්හාඩ් අරමුදල”ට ලැබුණු මුදල් ඩොලර් මිලියන ගණනක වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබුණු අතර එම චෝදනා 7ටම ඔහු වැරදිකරු බවට තීන්දු කර තිබුණි.

ඒ අනුව අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වූ පළමු මැලේසියානු රාජ්‍ය නායකයා වන්නේ ද නජීබ් රසාක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නජීබ් රසාක් 2009 සිට 2018 දක්වා මැලේසියානු අගමැති ධූරය දැරීය.නඩු තීන්දුව ලැබීමට පෙර මැලේසියානු හිටපු අගමැතිවරයා සඳහන් කළේ තමන් වැරදිකරු වුවහොත් ඊට එරෙහිව අභියාචනය කරන බවයි.

Exit mobile version