ඡන්දය දෙන්නේ කාටද?
- මම නම් දෙන්නේ මගේ —–ට. මට දේශපාලනයෙන් වැඩක්නෑ.
- මම මගේ ගමේ මිනිහට දෙනව.
- මම අපේ ලමයට රස්සාවදීපු ———ට.
- මමනම් ලමය ඉස්කෝලෙට දමන්ට උදවු කරපුකෙනාට.
- අපේ පාර කොන්ක්රීට් කරල දුන්න —–ට මම දෙනවා.
- අපේ ගමට පිට්ටෙනිය හදල දුන්නෙ——මහත්තයා. එයාට දෙනවා.
- අම්මගෙ මරනෙට ආවනෙ. ඒ හින්ද ——ට දෙනවා.
- ඡන්දෙන් පස්සෙ දුවට රස්සාවක් දෙන්න පොරොන්දු උන හින්ද දෙනවා
- මගෙ ප්රශ්ණෙදි පොලිසියෙන් උදවු අරන් දුන්නෙ——– මහත්තයානෙ.
- කොහෙ දැක්කත් නම කියල කථා කරනවනෙ. නොදීම බැහැ.
- අපේ සමිතියට පුටු දහයක්ම දුන්නනෙ. ඒ නිසා ඡන්දෙ දෙන්න එපායැ.
- අපේ පරම්පරාවම ——–පක්ෂයේනෙ.
- මිනිහ අපේ ජාතියේ කෙනෙක්නෙ. ඒ හින්ද දෙනව.
- දුන්නෙ නෑ කියල දැනගත්තොත් හරි නෑනෙ. ඉතින් දෙනව.
- කවුරු ආවත් කරන්නෙ එකමයිනෙ. හැමදාම දීපු එනටම දෙනව.
- දෙන්ට කෙනෙක් නම් නෑ. ඒත් අඩුම වැරදි තියෙන එකට දෙනව.
———————-
රටක් හෙටක් මොන කෙහෙල්මලකටද?
-නිශ්ශංක එම්. කැප්පෙටිපොල-
– img : FB ohwhatshappening –