Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීම පිළිබඳව විමර්ශනට පරීක්ෂණ කමිටුවක්..

දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීම පිළිබඳව විමර්ශනට පරීක්ෂණ කමිටුවක්..

දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීම පිළිබඳව විමර්ශනට පරීක්ෂණ කමිටුවක්..

කුරුණෑගල පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් දෙවන බුවනෙකබාහු රජුගේ අවුරුදු 700ක් පමණ පැරණි රාජසභා මණ්ඩපය හදිසියේ 2020 ජූලි 14 වන දින රාත්‍රියේ ඩෝසර් කර විනාශ කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් පරීක්ෂණ කමිටුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත කොට තිබේ.

මෙම පංච පුද්ගල කමිටුව, සංස්කෘතික හා බෞද්ධ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ නියමයෙන් පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වාර්තාවක දැක්වේ.

මෙම කමිටුවේ සභාපතිත්වය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා විසින් දරනු ලැබේ. මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර් රත්නායක, පුරා විද්‍යාඥ ටී.ජී කුලතුංග, සංස්කෘතික හා බෞද්ධ කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ හා වාස්තු විද්‍යාඥ සුමේදා මාතොට යන අය මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වේ.

එම පුරා විද්‍යා ස්මාරක 1940 අංක 09 දරණ පුරා වස්තු ආඥා පනත යටතේ පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස සැලකෙන ස්මාරකයකි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධව විද්වත් කමිටුවේ විමර්ශන වාර්තාව එළඹෙන ජූලි 23 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
-tamilmirror-

Exit mobile version