Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිංහල බෞද්ධයන් යනු ලෝකයේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ ජාතියක්! – නීතිඥ අලි සබ්රි

ali sabry

ali sabry

සුළු ජන වාර්ගිකයන් එකමුතුව ජීවත් විය හැකි ලෝකයේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ ජාතියක් ලෙස සිංහල බෞද්ධ ජනතාව හැඳින්විය හැකි බව ජනාධිපති නීතිඥ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.

කුරුණෑගල දී පැවැත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මුස්ලිම් සම්මන්ත්‍රණයක දී ඔහු මේ බව පැවසීය.

“ජාතීන් අතර ගැටළු ඇතිවීම සාධාරණ දෙයක්, එය අපට විසඳා ගත හැකියි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය බවට පත්විය. එය තවත් කොංග්‍රසයක් බවට පත් වී, එය තවත් සුළු කොන්ග්‍රස් රැසක් බිහි කර ඇත. ඔවුන් ජාතිවාදය පසුපස ගොස් ජාතිවාදී දේශපාලනයක් කෙරේ.

අපි එක්ව එක රටක් ලෙස ඉදිරියට යා යුතු නම් අප ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකට එක් විය යුතුයි.

ජනාධිපති මැතිවරණයේ තරඟ කිරීමට පෙර ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් පිළිබඳව කෙතරම් බොරු ප්‍රචාර මුදා හැරියේ ද? ගෝඨාභය රාජපක්ෂ රාක්ෂයයෙක් බවට හැඳින්වූවා. එනමුත්, පසුගිය මාස 8 තුළ ජනාධිපතිවරයා වශයෙන් ඉතාමත් ලස්සනට ඔහුගේ කටයුතු කරමින් සිටිනවා ” යනුවෙන් තව දුරටත් අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version