Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දහමි පාසල් තුළ පාලි භාෂාව උගන්වනවා නමි මද්රසා පාසල් තුළ අරාබි භාෂාව බැරි ඇයි? – සුසිල් කිදෙල්පිටිය

මද්රසා පාසල් තුළ අරාබි භාෂාව

මද්රසා පාසල් තුළ අරාබි භාෂාව

මද්රසා පාසල් පිලිබඳව මැතිවරණ වේදිකාවල ඇතිවෙලා තියෙන කතිකාව තනිකර ජාතිවාදීන්ගේ, ආගම්වාදීන්ගේ, වර්ගවාදීන්ගේ ඉතාම නිර්ලැජ්ජිත මැතිවරණ ව්‍යාපාරයේ කොටසක් බව කොළඹ දිස්ත්‍රික් එජාප මහ මැතිවරණය අපේක්ෂකයෙකු වන සුසිල් කිදෙල්පිටිය මහතා පවසයි.
ඔහු තවදුරටත් අදහස් පළකරමින් කියා සිටියේ
“බෞද්ධ ආගම උගන්වන තැනට දහමි පාසල කියලා කියනවා. එහිදී බෞද්ධ ආගම උගන්වනකොට එය ලියවිලා තියෙන පාලි භාෂාව, කිසියමි මටිටමක සිට උගන්වනවා. ඒ පාලි භාෂාව ඉගෙන ගත්විට තමයි බෞද්ධ ආගමේ ලියවිලා තියෙන දේ කියවගන්න පුළුවන් වෙන්නේ. එසේ නම් කුරානය ලියලා තියෙන්නේ මොකෙන්ද? කුරානය ලියලා තියෙන්නේ අරාබි භාෂාවෙන්. එතකොට අරාබි භාෂාව ඉගෙන ගන්නෙ ඇයි? අරාබි භාෂාව ඉගෙන ගන්නෙ, කුරානය කියව ගන්න.”යනුවෙන් ය.

තවද ” සිංහල බෞද්ධ ළමයින්ට දහමි පාසලක් දාලා පාලි භාෂාවයි බුදුදහමයි උගන්වනවා නම්, ඉස්ලාම් ආගම ඉගෙන ගන්නා දරුවන්ට අරාබි භාෂාවයි කුරානයයි උගන්වන එක වරදක්ද?” යනුවෙන් ද ඔහු ප්‍රශ්න කලේය.

Exit mobile version