Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඒකීය රාජ්‍යයක් තුළ බෞද්ධ ආගමට ප්‍රමුඛතාවය – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි අලි ඇතුන් 31 දෙනෙකු අතුරුදහන් වී 12 දෙනෙකු මියගොස් ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. මෙම අලි රැඳවුම් මධ්‍යස්ථානයට අලි ඇතුන් 52නෙකු 2015 වසරේ මේය ආරම්භ කිරීමත් සමග යොමු කර තිබේ. මෙයින් අලි 12 දෙනෙකු ආහාර අහේනිය සහ මන්ධපෝෂණය නිසා මියගොස් ඇති අතර ඉතිරිව ඇත්තේ අලි ඇතුන් 09 දෙනෙකු බව එම විගණන වාර්තාවෙන් හෙළිකර ඇත. අලි ඇතුන් සඳහා ආහාර සැපයීමට වසරක් තුළදී රුපියල් දෙකෝටි හැට එක්ලක්ෂ තිස්තුන්දහස් හතිසියයක් (රු. 26,133,700) කොන්ත්‍රාත් වශයෙන් ලබාදී තිබියදී අලි 12 දෙනෙකු ආහාර අහේනියෙන් මියගොස් තිබීම විශේෂත්වයකි. එමෙන්ම අලින් 31 දෙනෙකු මෙම මධ්‍යස්ථානයෙන් පැන ගියාද නැතහොත් මියගියාද යන්න පිළිබඳව වනජීවි දේපාර්තමේන්තුව සතුව කිසිදු තොරතුරක් නැති බව එම විගණනයෙන් සොයාගෙන තිබේ. මූලාශ්‍ර – අද

ඒකීය රාජ්‍යය තුළ බෞද්ධ ආගමට ප්‍රමුඛතාවය ලබා දෙන අතර අනෙකුත් ආගම්වල අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සියළු අන්‍ය ආගමිකයන් එකමුතුව හා නිදහසේ ජීවත් වීමට අවශ්‍ය වාතාවරණය නැවත ස්ථාපිත කෙරේ. අකර්මණ්‍ය කළ රාජ්‍ය සේවය සුළු කාලයක් තුළදී නැවත ශක්තිමත් කර ඇති බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ, මොරටුව – ලුනාව ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකදී ය.

ඔහු තව දුරටත් පවසා සිටියේ,

“පසුගිය රජයේ දේශපාලන අරමුණු වෙනුවෙන් අකර්මණ්‍ය කර තිබූ රාජ්‍ය සේවය සුළු කාලයක් තුළදී අපි ශක්තිමත් කළෙමු. රාජ්‍ය සේවකයින් පොදු මහජනතාව අතර පිළිගැනීමකට ලක් වී ඇති අතර, ඔවුන් තුළ විනයානුකූල බවද දක්නට ලැබේ.

කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමටත්, ආර්ථික වශයෙන් බලපෑමට ලක් වූ ජනතාව වෙනුවෙන් රාජ්‍ය සේවකයින් ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගය ලබා දුන්හ. බොහෝ අපහසුතා මධ්‍යයේ සීමිත සම්පත් උපයෝගී කර ගනිමින් රාජ්‍ය සේවකයන් ජනතාව වෙනුවෙන් උපරිමයෙන් ම ඔවුන්ගේ සේවා ඉටු කළහ. එබැවින් ශක්තිමත් රජයක් බිහි කිරීම සඳහා රාජ්‍ය සේවකයන්ගේ දායකත්වය අවශ්‍ය වේ.

සියළුම ජාතීන් නිදහසේ, තම තමන්ගේ සංස්කෘතිය සම්පූර්ණයෙන් අනුගමනය කිරීමට පූර්ණ නිදහස ඇත. ඒකීය රාජ්‍යයක් තුළ බෞද්ධ ආගමට ප්‍රමුඛතාවය ලබා දී අනෙකුත් ආගම්වල අයිතිවාසිකම් ආරක්ෂා කර සියළු ජාතීන් එකමුතුව ජීවත් වීමට අවශ්‍ය වාතාවරණය ස්ථාපිත කරමි.

අපගේ පාලනය යටතේ පන්සල්, කෝවිල්, පල්ලි සහ ආගමික සිද්ධස්ථාන යනාදිය ප්‍රතිසංස්කරණය කළෙමු. සංවර්ධන කටයුතවලදී සියළු ජාතීන්ට ප්‍රමුඛතාවය දෙනු නොලැබුණි. රටට අවශ්‍ය සංවර්ධන වැඩ පිළිවෙල ඒකාබද්ධව ක්‍රියාත්මක කළෙමු. උතුරු , දකුණු බේදයකින් තොරව අප කටයුතු කළෙමු ; යනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ය.”

Exit mobile version