Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා රජයට විරුද්ධව 50කට අධික මානව හිමිකම් සංවිධාන හා ප්‍රබල පුදගලයින් අත් වැල් බැඳගනී

ශ්‍රී ලංකා රජයේ තර්ජන හා අපහාසයන්ට විරුද්ධව “ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ වැඩසටහනේ (Foundation for Human Rights in South Africa and the International Truth and Justice Project – ITJP)” විධායක අධ්‍යක්ෂ “යස්මින් සූකා (Yasmin Sooka)” හට සහයෝගය දැක්වීමට 50කට අධික මානව හිමිකම් සංවිධාන හා ප්‍රබල පුදගලයින් 150ක් පමණ අත් වැල් බැඳගෙන සිටී.

යස්මින් සූකා

මේ අනුව, ශ්‍රී ලංකා රජය යස්මින් සූකාට විරුද්ධව ඉදිරිපත් කර ඇති පදනම් විරහිත චෝදනාවලට තම දැඩි විරුද්ධතාවය ප්‍රකාශ කරන බව ඔවුන් දන්වා සිටී.

පසුගිය ජූනි 01 වන දින යස්මින් සූකා, නිකුත් කළ නිවේදනයක රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානියා මේජර් සුරේෂ් සලේ මහතාට අපහාස වන ලෙස කරුණු දක්වා තිබූ බවට සලේ මහතා විසින් චෝදනා කර ඇත.

මේ සම්බන්ධව යස්මින් සූකාට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා යුරෝපා සංගමයේ පසුගිය ජූනි 18 වන දින පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

තම නීතිඥ පසන් වීරසිංහ මහතා හරහා ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතික සංවිධාන සහ යුරෝපා සංගම් කාර්යාලවලට සුරේෂ් සලේ තම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

තමන් සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනාව වෙනුවෙන් යස්මින් සූකාට සහ ඇයගේ සංවිධානවලට විරුද්ධව රුපියල් බිලියන 10ක මුදලක් වන්දි ඉල්ලා මේජර් සුරේෂ් සලේ මහතා එන්තර වාසියක් යවා ඇත.
-tamilwin-

Exit mobile version