Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අයවැයට විරෝධය පා සරසවි අනධ්‍යයන සේවකයින් අද වර්ජනයක

සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල අද (25) සංකේත වර්ජනයක සහ විරෝධතාවයක නිරත වනවා.

සිය වැටුප් හා දීමනා කප්පාදු කර ඇති බව පවසමින් මොවුන් මෙලෙස වර්ජනයේ නිරත වන අතර ඉකුත් සතියේ ද ඔවුන් සංකේත වර්ජනයක නිරත වුණා.

මේ අතර, ඉදිරි දින කිහිපයේදී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය අවධානය යොමු නොකරන්නේ නම් මේ මස 30 වැනිදා, සමස්ත රාජ්‍ය සේවයේම වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි වෘත්තිය සමිති පවසන්නේ.

ඊට ගුරු විදුහල්පති වෘත්තිය සමිති ද එක්වන බව දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.

Exit mobile version