හෝමාගම පොලිස් ස්ථානයේ අඩස්සියේ සිටියදී පහරදීම්වලට ලක්වූ බවට චෝදනා එල්ලවීමෙන් පසුව මියගිය ඉෂාර නමැති තරුණ සැකකරු වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටියි.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රබල ප්‍රකාශයක් කර ඇති දේශප්‍රිය මහතා සඳහන් කර ඇත්තේ, ඉෂාරගේ මරණයෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා පොලීසිය කිසිදා මහජනතාවට හිතකාමී වී නොමැති බවයි.
ඉෂාර වෙනුවෙන් සාධාරණය ඉටුකිරීම රජයේ වගකීමක් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
හෝමාගම පොලිස් අඩස්සියේදී මියගිය ඉෂාරට සාධාරණය ඉල්ලමින් මහින්ද දේශප්‍රියගෙන් ප්‍රබල සටහනක්!

