Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​ලංකාවේ ආර්ථික යථා තත්ත්වයට පත්වීම තවමත් අසම්පූර්ණයි – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අර්බුදයට පෙර පැවැති මට්ටම වෙත පැමිණ තිබුණ ද, එම ආර්ථික යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය තවමත් අසම්පූර්ණ සහ අසමතුලිත මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසනයි.

ලෝක බැංකුව පෙන්වා දෙන්නේ සමස්ත ආර්ථිකයේ සිදුවන පිබිදීමට සාපේක්ෂව ගෘහස්ථ ආදායම් සහ රැකියා වෙළඳපොළේ ප්‍රතිඵල තවමත් පසුපසින් පවතින බවයි.

එමෙන්ම මෙරට ආර්ථික වර්ධන වේගය මෙම වසරේදී 4.4%ක් වනු ඇති බවට පුරෝකථනය කර ඇති අතර, අර්බුදයෙන් පසු ඇති වූ ආර්ථික පිබිදීම මන්දගාමී වීම සහ නිෂ්පාදනය අඩු මට්ටමක පැවැතීම හේතුවෙන් 2027 වන විට එම වර්ධනය 4.2% දක්වා අඩුවනු ඇතැයි ද ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version