Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​ගංවතුර අවදානම පහව යයි: ගංගා ද්‍රෝණි 4ක පැනවූ අනතුරු ඇඟවීම් අවලංගුයි

ගංගා කිහිපයක පැනවා තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගනියි

​මහවැලි ගඟ, කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය, නිල්වලා ගඟ සහ ගිං ගඟ සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉවත් කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

​එම ගංගා ද්‍රෝණිවල ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබීම හේතුවෙන් 2026.09.29 වන දින පෙ.ව. 10.00 ට මෙම තීරණය ගෙන තිබේ.

​කෙසේ වෙතත්, දිවයින පුරා පවතින වර්ෂාපතන තත්ත්වයේ සහ ගංගාවල ජල මට්ටම්වල සිදුවන වෙනස්කම් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිරන්තර අවධානයෙන් පසුවන අතර, යම් හෙයකින් නැවත ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය සියලු පියවර යොදා ඇති බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version