Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අරවින්ද ද සිල්වා සහ බිරිඳ වහා ම අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (සැප්: 16) නිකුත් කළේ ය.

අරවින්ද සිල්වාගේ බිරිඳගේ නිවුන් සහෝදරිය මෙන් ම, මියගිය කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාට මීට පෙර තිබූ නඩුවක ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වී සිටින අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ එම ඇපකාරභාවයෙන් ඉවත්වීම සඳහා පවරා තිබූ නඩුවක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔවුන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේ ය.

එම නියෝගය කළේ, එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔවුන් අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් නොකිරීම හේතුවෙනි.

එහිදී අදාළ නඩුවේ ඇපකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නියමිත තිබිණි.

Exit mobile version