Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඥානසාර හිමියන්ට මෛත්‍රීපාල සිරිසේන ලබා දුන් ජනපති පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිර දඬුවම් නියම වී සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රදානය කළ පොදු සමාව බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්තැම්බර් 10) තීන්දු කළේ ය.

අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචනාධිකරණය විසින් වසර 6ක සිර දඬුවම් නියම කර තිබිණි.

එම දඬුවමින් ඥානසාර හිමියන් නිදහස් කරමින් එවක ජනාධිපතිවරයා විසින් පොදු සමාවක් ප්‍රදානය කළේ ය.

Exit mobile version