Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​කුරුන්දි රජමහා විහාරයේ පොලිස් ආරක්ෂාව නැවත ලබාදීමට අමාත්‍යාංශයේ තීරණය

මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාර භූමියෙන් ඉවත් කර තිබූ පොලිස් ආරක්ෂාව නැවත ලබාදීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන් වේ.

ඒ විහාරස්ථානයේ ඉවත් කරන ලද පොලිස් ආරක්ෂාව යළි ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් විසින් අමාත්‍යාංශය වෙත යොමු කරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමිනි.

ඒ අනුව මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන් වේ.

අදාළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, විහාරස්ථානය සඳහා අවශ්‍ය පොලිස් ආරක්ෂාව නැවත ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බවයි විෂයභාර අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විහාරාධිපති හිමියන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

Exit mobile version