Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශේෂඥ වෛද්‍ය සහ දන්ත වෛද්‍ය සේවාව නමින් නව සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව නමින් සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කෙරේ

විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව නමින් සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කෙරේ

වෛද්‍ය සහ දන්ත වෛද්‍ය විශේෂඥයින් සඳහා සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීම සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීමට නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස 2026.01.12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.

ඒ පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කර එම නිලධාරි කමිටුව විසින් සිය වාර්තාව ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.

එකී වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන, විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව නමින් සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමටත්, එම සේවා කාණ්ඩයට අදාළ වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Exit mobile version