Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර දෙකකට පෙර ගාසා තීරයේදී 5 හැවිරිදි හින්ද් රජාබ් දැරිය ඝාතනය කිරීම ඊශ්‍රායල හමුදාව පළමු වරට පිළිගනියි

ගාසාවේ 5 හැවිරිදි දැරිය ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව පළමුවරට පිළිගනී

ගාසාවේ 5 හැවිරිදි දැරිය ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව පළමුවරට පිළිගනී

මීට වසර දෙකකට පෙර ගාසා තීරයේදී 5 හැවිරිදි පලස්තීන දැරිය හින්ද් රජාබ් ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබූ බව ඊශ්‍රායල හමුදාව පළමුවරට පිළිගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයෙන් පලා යමින් සිටි දැරිය සහ ඇගේ ඥාතීන් 6 දෙනකු ඝාතනයට ලක්වූ බවය. පළමුවරට තැබූ වෙඩි ප්‍රහාරයෙන් දිවි බේරා ගත් දැරිය හඬා වැටෙමින් තමා බේරාගන්නා ලෙස රතු කුරුස සංවිධානය සමඟ පැය 3ක දීර්ඝ කාලයක් දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් ඉල්ලා ඇති අතර, පසුව ඊශ්‍රායල හමුදාවට දැනුම් දී එම ස්ථානයට ගිය රතු කුරුස සංවිධානයේ ගිලන් රථයකට ද වෙඩි ප්‍රහාරයක් එල්ලවීමෙන් එහි සහන සේවකයන් දෙදෙනකු ද ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ. හින්ද්ගේ සහ සෙසු පුද්ගලයන්ගේ මළ සිරුරු සොයාගෙන ඇත්තේ ඊට දින කිහිපයකට පසුව බව ද වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව මේ ඝාතනය පිළිගෙන ඇති බවත්, ඒ පිළිබඳ අපරාධ පරික්ෂණයක් ආරම්භ කරන බවත් ප්‍රකාශ කර තිබේ. හින්ද්ගේ ඝාතන සිදුවීම ජාත්‍යන්තරයේ දැඩි කම්පනයට ලක්වී තිබූ අතර, පසුගිය වසරේදී ඇගේ කතාව පාදක කරමින් නිර්මාණය කළ චිත්‍රපටය එවර ඔස්කාර් සම්මාන උලළේදී හොඳම ජාත්‍යන්තර චිත්‍රපට අංශය සඳහා නිර්දේශ වී තිබිණි.

Exit mobile version