විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර යන අය ඇතුළු 6 දෙනෙකු අධිකරණයට අපහාස කළ බව කියන ප්‍රකාශවලට අදාළ සී ඩි තැටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට භාර දි ඇත.
පාස්කු ප්‍රහාරය පිළිබද නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (19) යළි විභාගයට ගැනුනි.
පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා සැප්තැම්බර් දෙවනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
පාස්කු ප්‍රහාර මාලාවට අදාළ විමර්ෂණ සඳහා වවුනතිව් කඳවුරේ ශ්‍රී ලංකා සන්නද්ධ බලකායේ බුද්ධි තොරතුරු ඇතුළත් සටහන් පොත සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දි තිබේ.
එය භාරව සිටි ලුතිනන් කර්නල්වරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන බුද්ධි තොරතුරු පිළිබද පුළුල් විමර්ෂණයක් ආරම්භ කළ බවද පොලිසිය පැවසිය.
එසේම මෙම නඩුව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් අධිකරණයට අපහාස කළ බව කියන සිද්ධියට අදාළ ප්‍රකාශවලට අයත් සී ඩී තැටිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කලේය.
ඒ හිටපු ඇමතිවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික සුගීෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ යන අය සිදුකළ බව කියන ප්‍රකාශවලට අදාළවයි.

