Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සෘජු ගුවන් ගමන් ඇරඹෙයි: Vietnam Airlines සහ VietJet Air කටුනායකට

ශ්‍රී ලංකාව සමග ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමට වියට්නාමයේ ප්‍රධාන ගුවන් සමාගම් 2ක්

ශ්‍රී ලංකාව සමග ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමට වියට්නාමයේ ප්‍රධාන ගුවන් සමාගම් 2ක්

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරමින් වියට්නාම් ගුවන් සේවය මේ මස 16 වන දින Ho Chi Minh නගරය සහ කටුනායක අතර ගුවන් සේවා ආරම්භ කිරීමට සූදානම් වේ.

එමෙන්ම අගෝස්තු මස 18 වන දින VietJet Air ගුවන් සේවයද ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රධාන වියට්නාම ගුවන් සමාගම් දෙකේ පැමිණීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කෙරෙන අතර මේ ඔස්සේ ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සංචාරක, වෙළඳාම සහ සංචාරක අවස්ථා නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Exit mobile version