Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වාහන ආනයන බදුවලට පැනවූ 50%ක අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ

වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දීර්ඝ කෙරේ

වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දීර්ඝ කෙරේ

වාහන ආනයන බදු මත රජය විසින් හෙට (15) දිනය දක්වා පනවා තිබූ 50%ක අධිභාරය ලබන දෙසැම්බර් දක්වා දීර්ඝ කර තිබේ.

ඒ අනුව හෙට දිනයේ සිට දෙසැම්බර් මස 31වන දින තෙක් වූ කාලසීමාව සඳහා මෙම දීර්ඝ කිරීම සිදුකර ඇති බව සඳහන් වේ.

1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය) රේගු ආඥා පනතේ 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව අදාළ දීර්ඝ කිරීම සිදුකර තිබේ.

කෙසේ වෙතත් මෙම නියමය පසුගිය මැයි මස 15 වැනි දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කරන ලද මෝටර් වාහන ආනයනයන් සම්බන්ධයෙන් අදාළ නොවනු ඇත.

Exit mobile version