Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විනිසුරු විශ්‍රාම වයස ගැසට් කරයි; මහාධිකරණ විනිසුරු සංඛ්‍යාව ඉහළට

විනිසුරු විශ්‍රාම වයස ගැසට් කරයි; මහාධිකරණ විනිසුරු සංඛ්‍යාව ඉහළට

විනිසුරු විශ්‍රාම වයස ගැසට් කරයි; මහාධිකරණ විනිසුරු සංඛ්‍යාව ඉහළට

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි අද (07) ගැසට් පත්‍රයේ පලකර තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව සහ 137 වන ව්‍යවස්ථාව මේ මඟින් සංශෝධනය වීමට නියමිතයි.

මෙම සංශෝධනයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 67 දක්වාත් අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 65 දක්වාත් ඉහළ යනු ලබනවා.

එසේම අගවිනිසුරුවරයාගේ විශ්‍රාමගතවන දිනය ඔහුගේ වයස අවුරුදු 67 සම්පූර්ණ වන දිනය හෝ අදාළ ධුරයට පත්වන දිනයේ සිට වසර 6ක් සම්පූර්ණ වන දිනය යන අවස්ථා දෙකෙන් මුලින් එළඹෙන දිනය ලෙස සඳහන්.

Exit mobile version