2025 උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තේරී පත්වූ සිසුන් ලියාපදිංචිය අද (06) සිට 14 වැනිදා දක්වා සිදුකෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව, තෝරාගත් පාඨමාලාවන්ට අදාළ යම් අභියාවනා ඇත්නම් අගෝස්තු 21 වැනිදාට පෙර ඉදිරිපත් කරන්න ලෙසයි දැනුම් දී ඇත්තේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව පවතියි.

