Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මොරොක්කෝවේ සිට සංක්‍රමණිකයින් දහස් ගණනක් ස්පාඤ්ඤයේ සියුටා ප්‍රදේශයට

මොරොක්කෝවේ සිට සංක්‍රමණිකයින් දහස් ගණනක් ස්පාඤ්ඤයේ සියුටා ප්‍රදේශයට

මොරොක්කෝවේ සිට සංක්‍රමණිකයින් දහස් ගණනක් ස්පාඤ්ඤයේ සියුටා ප්‍රදේශයට

ස්පාඤ්ඤයේ සියුටා ප්‍රදේශයට මොරොක්කෝවේ සිට පැමිණි දහස් ගණනක පිරිසක් ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මොරොක්කෝවේ සිට සංක්‍රමණිකයින් දහස් ගණනක් සියුටා ප්‍රදේශයට ඇතුළුවීමත් සමග ආරක්ෂාව තර කිරීම සඳහා ස්පාඤ්ඤය හමුදාව යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.

සංක්‍රමණිකයින් මොරොක්කෝවේ සිට පිහිණමින් සියුටාව වෙත පැමිණ ඇති අතර එම උත්සාහයේදී සංක්‍රමණිකයින් 15 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

සංක්‍රමණිකයින් පැමිණීම වැඩිවීමත් සමග සියුටා ප්‍රාදේශීය බලධාරීන් රජයෙන් අවශ්‍ය උපකාර ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

සියුටා වෙත පැමිණෙන සංක්‍රමණිකයින් යළි මොරොක්කෝව වෙත යොමු කළ නොහැකි බව ස්පාඤ්ඤය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කර තිබේ.

මොරොක්කෝවට උතුරින් සියුටා පිහිටා ඇති අතර යුරෝපයට ළඟා වීමට උත්සාහ කරන සංක්‍රමණියින්ගේ කේන්ද්‍රස්ථානයක් ලෙස සලකයි.

Exit mobile version