ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ එක් රැස් වී ඇති අබලි ලෝහ බැහැර කිරීම පිණිස 2024-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 09ක් ඉදිරිපත් වී තිබෙනවා.
ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක වැඩිම මිල ඉදිරිපත් කරනු ලැබ ඇති ලංසුකරුවන් වෙත පහත සඳහන් පරිදි එකී අබලි ලෝහ බැහැර කිරීමේ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.
M/s. Udaya Industries 16,536,695.00
M/s. Ashok Steel Industries (Pvt) Ltd 89,424,153.88
M/s. Kalana Tech Engineering 1,691,210.00
M/s. S.R. Steel (Pvt) Ltd 47,578,448.00
M/s. Ceylon Steel Casting (Pvt) Ltd 1,225,500.00
M/s. IWW Steel Industries (Pvt) Ltd 39,434,186.40
මුළු ප්‍රසම්පාදන වටිනාකම 195,890,193.28

