Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​ඉන්දියාවේ සංචාරය කරන ලාංකික වන්දනාකරුවන්ට නොමිලේ වීසා ලබාදීමේ ක්‍රියාවලිය යළි ඇරඹේ

ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා යළි නොමිලේ වීසා

ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා යළි නොමිලේ වීසා

ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලංකික වන්දනාකරුවන් සඳහා නොමිලයේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය යළි ක්‍රියාත්මක බව ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මහ කොමසාරිස් කර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වූයේ නව වීසා සේවා සපයන්නෙකු පත් කිරීම හේතුවෙන් නොමිලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවා තිබුණද, පසුගිය ජූලි 7වැනි දින සිට එම සේවාව යළි ආරම්භ කර ඇති බවයි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හරහා නිර්දේශ කරනු ලබන, 10 දෙනෙකුට වැඩි වන්දනා කණ්ඩායම් සඳහා කිසිදු වීසා ගාස්තුවක් අය නොකෙරෙනු ඇති.

කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ මඩකලපුව යන ප්‍රදේශවල පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලවලින් ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකියි.

වයස අවුරුදු 12 සහ 70 අතර පුද්ගලයින් සඳහා ජෛවමිතික දත්ත ලබා දීම අනිවාර්ය වන අතර, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ ඉක්මන් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

වීසා ගාස්තු අය නොකෙරුණද, ඉන්දීය කොන්සියුලර් කාර්යාලයේ අයැදුම්පත් මධ්‍යස්ථානය සඳහා රුපියල් 1,855ක ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇති.

Exit mobile version