Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මඩකලපුව කළුවාන්චිකුඩි නව තැපැල් කාර්යාලය ජනතා අයිතියට

මඩකලපුව කළුවාන්චිකුඩි නව තැපැල් කාර්යාලය ජනතා අයිතියට

මඩකලපුව කළුවාන්චිකුඩි නව තැපැල් කාර්යාලය ජනතා අයිතියට

වසර 38කට පසු ඉදිකළ මඩකලපුව කළුවාන්චිකුඩි නව තැපැල් කාර්යාලය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රදානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරුණි.

තැපැල් කාර්යාලය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 29.5ක මුදලක් වැය කර තිබෙනවා. යුද සමයේ දී කලවංචිකුඩි තැපැල් කාර්යාලය සම්පුර්ණයෙන්ම විනාශයට පත්වුණි.

යුද්ධයෙන් පසුව මෙම තැපැල් කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත්තේ පෞද්ගලික ගොඩනැගිල්ලකයි.
තැපැල් කාර්යාලයට අයත් භූමිය දීර්ඝ කාලයක් යුද හමුදා පාලනය යටතේ පැවතුණා.

මෙහි ඉදිරිකිරීම් ආරම්භ කෙරුණේ පසුගිය වසරේ සැප්තැම්බර් 18 වනදායි. පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය

Exit mobile version