Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළට

ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළට

ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළට

මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවී ඇති ‌‌‌ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,905 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව ජූලි මාසයේ ඊයේ (24) දින දක්වා වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 25,530ක්.

වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 17,135ක් වනවා. ප්‍රතිශතයක් ලෙස එය 21.18%ක්.

මීළඟට වැඩිම ඩෙංගු රෝගීන් පිරිස එනම් 16,140දෙනෙකු වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

පවතින තත්ත්වය හමුවේ ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීම තවදුරටත් සිදුවනවා.

Exit mobile version