Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආනයන මුවාවෙන් ඩොලර් මිලියන 715ක් පිටරට පැන්නීම,CIDයෙන් COPF හමුවේ මහා මූල්‍ය වංචාවක තොරතුරු හෙළි වෙයි

ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී විදෙස් සංචිතවල සුළු වැඩිවීමක්

ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී විදෙස් සංචිතවල සුළු වැඩිවීමක්

විදේශ රට­ව­ලින් භාණ්ඩ ආන­ය­නය කරන මුවා­වෙන් 2023 සිට 2026 මාර්තු දක්වා කාලය තුළ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 715ක් රටින් පිට කර ඇතැයි, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ අසංක කර­විට මහතා පාර්ලි­මේ­න්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව හමුවේ අනා­ව­රණ කළේය.

මෙරට ප්‍රධාන බැංකු 13ක ඇති බැංකු ගිණුම් 227ක් සම්බන්ධ කර­ගෙන සමා­ගම් 105ක් මඟින් මුදල් පිට­කි­රීම සිදු­කර ඇති බව සඳ­හන් කළ අසංක කර­විට මහතා එම සමා­ගම් 105 තුළ අධ්‍ය­ක්ෂ­­වරු ලෙස සිටියේ එකම පුද්ග­ල­යින් 55 දෙනෙක් බවද හෙළි කළේය.

රුපි­යල් බිලි­යන 214.7ක මුද­ලක් එසේ පිට­කර ඇති බවත් එම මුදල ආසන්න වශ­යෙන් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 715කට අධික බවද අසංක කර­විට මහතා පෙන්වා දුන්නේය. මේ ආකා­ර­යට ඩුබායි හී රැඳී සිටින මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන්ට මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් උපයා ගත් මුදල් පවා ඩුබායි වෙත යවා ඇති බවද අනා­ව­ර­ණය වී ඇතැයි අසංක කර­විට මහතා මෙහිදී හෙළි කළේය.

මේ වන විට ඊට අදා­ළව පුළුල් විම­ර්ශන ක්‍රියා­ව­ලි­යක් ආරම්භ කර ඇති බව පෙන්වා දුන් අසංක කර­විට මහතා භාණ්ඩ ආන­ය­නය සිදු කරන බවට හඟවා විදේශ රට­ව­ලට මුදල් ප්‍රේෂ­ණය සිදු­කර භාණ්ඩ ආන­ය­නය කර නැති බවද අනා­ව­ර­ණය කළේය.

ශ්‍රී ලංකා රේගුව පොලි­ස්පති අමතා ඒ සම්බ­න්ධ­යෙන් වාර්තා තුනක් 2026 ජන­වාරි 20, පෙබ­ර­වාරි 23 සහ මාර්තු 06 දින ඉදි­රි­පත් කර ඇති බවද සඳ­හන් කළේය.

රාජ්‍ය මුදල් කාරක සභාව එහි සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (21) රැස්විය. කාරක සභාව විසින් කළ ලිඛිත දැනුම් දීම­කට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ අංසක කර­විට මහතා පෙනී සිටි­යේය. භාණ්ඩ ආන­ය­නය කරන මුවා­වෙන් මෙරට ඇති ඩොලර් පිට­ර­ටට පැන්නීම සම්බ­න්ධ­යෙන් වූ දීර්ඝ හෙළි කිරී­මක් ඔහු එහිදී කාරක සභාව හමුවේ ඉදි­රි­පත් කළේය.

“පළමු වැනි වාර්තාව තුළ 2026 ජන­වාරි 20 තුළ ආය­තන 89ක් මේ ආකා­ර­යට TT වලින් භාණ්ඩ ආන­ය­නය කර ඇති නමුත් කිසිදු භාණ්ඩ­යක් මේ වෙන­තුරු රටට රැගෙන පැමිණ නොමැති බව­ටත් ඒ වගේම 2026.02.03 වාර්තාව තුළින් එවැනි ආය­තන හත­ර­කුත් 2026.03.06 අදා­ළව එවැනි ආය­තන 12ක් සම්බ­න්ධ­යෙ­නුත් වාර්තා­වක් ඉදි­රි­පත් කළා.

සම්පූර්ණ ඒ වාර්තාව අනුව ගත්තොත් සමා­ගම් 105ක් ඒකට සම්බන්ධ වෙලා තිබ්බා. ඒ සමා­ගම් 105ට අදා­ළව රුපි­යල් බිලි­යන 214.7ක් දළ වශ­යෙන් අ‍ෙම­රි­කන් ඩොලර් මිලි­යන 715කට අධික මුද­ලක් TT මුදල් විදි­හට මුදල් ප්‍රමා­ණ­යක් විදේ­ශ­ගත කරලා තිබෙ­නවා. ඒ විදේ­ශ­ගත කරපු මුද­ල්ව­ලට කිසිදු භාණ්ඩ­යක් මෙර­ටට ගෙනාවේ නැහැ කියලා තමයි එම වාර්තාව තුළ සඳ­හන් වුණේ. “යැයිද කර­විට මහතා සඳ­හන් කළේය.

“ඒ සම්බ­න්ධව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ FCID මඟින් විම­ර්ශ­න­යක් ආරම්භ කළා. ඒ විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වෙනවා මේකට මීට සම්බන්ධ සමා­ගම් 105. ඒ සමා­ගම් 105 අධ්‍ය­ක්ෂ­ක­ව­රුන් හා සමා­ගම් ලේක­ම්ව­රුන් සිටින සංඛ්‍යාව අපි පරී­ක්ෂා­වට ලක් කරලා මේ සමා­ගම් 105 තුළම මේ සඳහා පුද්ග­ලයෝ 55 දෙනෙක් තමයි සම්බන්ධ වෙලා හිටියේ. එත­කොට මේ සඳහා බැංකු ගිණුම් 227ක් සම්බන්ධ කර­ගෙන තිබ්බා. අ‍ෙම­රි­කන් ඩොලර් මිලි­යන 715කට ආසන්න මුද­ලක් TT 24300කට ආසන්න TT සංඛ්‍යා­වක් යොදලා තිබ්බා. මෙය 2023 ජන­වාරි පළ­වෙ­නිදා සිට 2026 මාර්තු මාසේ දක්වා වන කාලය සඳහා තමයි මේ ආකා­ර­ය­කට වාර්තාව ඉදි­රි­පත් වුණේ“ යැයිද අසංක කර­විට මහතා පැව­සීය.

“මේ සම්බ­න්ධව දීර්ඝ ලෙස පරීක්ෂා කර­න­කොට ලංකාවේ ප්‍රධාන බැංකු 13ක් මීට සම්බන්ධ වෙලා තිබ්බා. සිය­ලුම රාජ්‍ය සහ පෞද්ග­ලික බැංකු 13ක්. මේ සම්බ­න්ධව දීර්ඝ ලෙස පරීක්ෂා කිරී­මේදී මීට අදා­ළව එක සමා­ග­මක් අපි හඳුනා ගත්තා. මේ අදාළ TT යොමු කරන සමා­ගම් අතු­රින්. ඒ සමා­ගම අතු­රින් එක සමා­ග­මක ඉන්න පුද්ග­ල­යෙක් මේ වෙන­කොට අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­රණ නඩු කට­යු­ත්තක් සිදු­වෙ­නවා.

ඔහු දැනට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තවී ඉන්නවා. ඔහු සමා­ගම් 43කට සම්බන්ධ වෙනවා. ඒ සමා­ග­ම්වල අයි­ති­ක­රු­වෙක් විදි­හට ඉදි­රි­පත් වෙනවා. ඔහුගේ ඒ සමා­ගම් 43 සම්බ­න්ධ­යෙන් පරීක්ෂා කර­න­කොට ඔහු අමෙ­රි­කන් ඩොලර් මිලි­යන 43ක මුදල් ප්‍රමා­ණ­යක් මෙම කාල වක­වා­නුව තුළ TT විදි­හට යොමු කරලා තිබෙ­නවා. ඒ පුද්ග­ලයා සම්බ­න්ධ­යෙන් දීර්ඝ ලෙස විම­ර්ශ­න­යක් කරන අව­ස්ථා­වේදී ඔහු ලංකාවේ තැර­ව්ක­රු­ව­න්ගෙන් මුදල් ලබා­ගෙන ඒ තැර­ව්ක­රු­ව­න්ගෙන් අවශ්‍ය කරන ලිපි­ලේ­ඛන ව්‍යාජ ලෙස සකස් කරලා බැංකු­ව­ලට ඉදි­රි­පත් කරලා තමයි TT විදි­හට ඉදි­රි­පත් කරන්නේ. උදා­හ­ර­ණ­යක් විදි­හට කිව්වොත් එහෙම ඉන්වො­යිස් එකක් සකස් කරන්නේ ඔහුගේ ඒ අදාළ තැර­ව්කරු ඔහුගේ කාම­ර­වල තියෙන පරි­ග­ණ­ක­ව­ලින් කූට ව්‍යාජ ලෙස ඉන්වො­යිස් එකක් සකස් කරලා බැංකු­ව­ලට ඉදි­රි­පත් කරලා සම­හර බැංකු­වල නිල­ධා­රීන්ගේ සහ­යෝ­ගය ඇතිව තමයි මේ කට­යුතු සිදු කරලා තිබුණේ.

මේ සම්බ­න්ධ­යෙන් දීර්ඝ විම­ර්ශන සිදු­ක­රන් යන­කොට ඩුබායි රාජ්‍යයේ සිට මත්ද්‍රව්‍ය ජාවා­ර­මට සම්බන්ධ එරට රැඳී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වෙක්ගේ මුදල් මේ ක්‍රමය යටතේ ඩුබායි රාජ්‍ය­යට යොමු කරලා තිබෙන බව­ටත් විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය කර­ගත්තා. ඊට අදා­ළව ඩුබායි රාජ්‍යයේ සිටින ප්‍රධාන සැක­ක­රු­වන් තිදෙ­නා­ගෙන් දෙදෙ­නෙක් පසු­ගිය කාල වක­වා­නුව තුළදී ඉන්ට­ර්පෝල් හරහා ඔවුන් මෙර­ටට ගෙන්වා ගැනී­මට හැකි­යා­වක් ලැබිලා දැනට ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටි­නවා. “ යැයිද අසංක කර­විට මහතා පැව­සීය.

Exit mobile version