Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය කථානායකට

හර්ෂණට එරෙහි විශ්වාසභංගය කථානායකට

හර්ෂණට එරෙහි විශ්වාසභංගය කථානායකට

අධිකරණ විෂය භාර ඇමතිවරයාට පවරා ඇති කාර්යයන් වගකීම් සහිතව ඉටුකර නොමැති බව සඳහන් කරමින් ඇමති හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂය අද (21) කථානායකවරයාට බාරදී තිබේ.

2024 නොවැම්බර් 25 දින අංක 2412/08 අති විශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ විෂය භාර ඇමතිවරයාට පවරා ඇති බන්ධනාගාර ප්‍රතිසංස්කරණයට අදාළ ප්‍රතිපත්ති, සැලසුම් හා වැඩසටහන් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම, බන්ධනාගාර පරිපාලනය හා ප්‍රතිසංස්කරණය, බන්ධනාගාරවල යටිතල පහසුකම් සංවර්ධනය හා තදබදය අඩු කිරීම යන කාර්යයන් වගකීම් සහිතව ඉටුකර නොමැති බව එම විශ්වාශ භංග යෝජනාවේ සඳහන් වේ.

අධිකරණ විෂයභාර ඇමතිවරයාට පැවරී ඇති කාර්යයන් වගකීමෙන් ඉටුකර නොමැති බැවින්ද, ඔහුගේ කාර්යයන් පිළිබඳව වගකීමක් රහිතව කටයුතු කරන බව බැලූ බැල්මට පෙනී යන බැවින්ද එම විශ්වාසභංගය ඉදිරිපත් කරන බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version